brand logo

පොල් ගෙඩියක් රු. 23යි බුලත් විටක් රු. 30යි

03 August 2019

මාස දෙකක සිට පොල් මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව පොල් වගාකරුවන් හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පැවසීය. ඒ අනුව පොල් ගෙඩියක් රුපියල් 18-23 අතර තොග මිලකට අලෙවි වේ. පසුගිය බ්‍රහස්පතින්දා කුලියාපිටියේ පැවති පොල් වෙන්දේසියේදී ගෙඩියක් රුපියල් 23කට අලෙවි වී ඇත. පොල් ගෙඩි ලක්ෂ තිහක් පමණ වෙන්දේසියට ඉදිරිපත් වන අතර වෙන්දේසියේදී අලෙවි වී ඇත්තේ ලක්ෂ අටකි. රටේ වාර්ෂික පොල් අවශ්‍යතාවට ගෙඩි මිලියන දෙදහස් හත්සීයක් වන අතර 2000, 2015 හා 2016 වර්ෂවල පමණක් මිලියන තුන්දහසක අස්වැන්නක් ලැබී ඇත. එහෙත් 2017දී ගෙඩි මිලියන 2000ක් පමණ අස්වැන්නක් ලැබී ඇත. කෙසේ වෙතත් පොල් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට රුපියල් 32ක පමණ වියදමක් දරන බව එම සංගමයේ සම්බන්ධිකාරක සංජීව කරුණාසාගර පැවසීය. එහෙත් අද වන විට වෙළෙඳපොළේ බුලත් විටක්ද අලෙවි වන්නේ රුපියල් 30ක මුදලකටය. චමින්ද සේනාරත්න
 

More News..