brand logo

පොල්ගහට නැග්ග පොල් ඇමති මාධ්‍ය අමතයි

18 September 2020

සම්ප්‍රදායිකව සිදුනොකරන මාධ්‍ය ආමන්ත්‍රණයක් අද දින (18) සිදු වුණා. ඒ දංකොටුව ප්‍රදේශයේ දී යි. වත්මන් රජයේ, රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසක් උඩට නැගී මාධ්‍යයට අදහස් පළ කර සිටිම නිසා. ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි පොල්,තල්, කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා ඇත. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පොල් ගෙඩි කිහිපයක් ද කඩා බිම දැමු බව වාර්තා වනවා. පොල් ගසේ සිටි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පොල් කඩන කම්කරුවන්ට ගසකට රුපියල් 100ක මුදලක් වත් ලැබිය යුතු බවයි . පොල් කැඩීම හා රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීම පවා මේ වන විට අපහසු වී ඇතැයි පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පොල් මිල කෙතරම් ඉහළ ගිය ද මෙරටට පොල් ආනයනය නොකරන බව පැවසුවා. අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසට නැඟීම සඳහා වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ යන්ත්‍රයක් උපයෝගි කර ගෙන තිබුණා. උපකරණය ඉදිරි මාස කිහිපය තුළ දී මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර තිබෙනවා.
 

More News..