brand logo

පොම්පියෝ අද ලංකාවට පය තියයි

27 October 2020

චීනයට සමගාමීව ඉන්දියාවේ හමුදා බලය ශක්තිමත් කෙරෙන විශේෂ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අද අත්සන් කිරීමට නියමිතය. ‘ද හින්දු’ ඇතුළු ප්‍රමුඛ ඉන්දීය ජනමාධ්‍ය ආයතන වාර්තා කර ඇති ආකාරයට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝගේ ඉන්දීය සංචාරය අතරතුර (ඔක්තෝබර් 26 සහ 27) මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය. ඉන්දියාව සමග එක්ව දකුණු ආසියානු කලාපයේ භූ අවකාශීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ තේමාව යටතේ අත්සන් කෙරෙන මෙම ගිවිසුම Basic Exchange Coperation Agreement (BECA) නමින් හැඳින්වෙන අතර එය අදියර දෙකක් වෙනුවෙන් දැනටමත් අත්සන් තබා ඇත. අද දිනයේ අත්සන් තැබීමට නියමිතව ඇත්තේ ගිවිසුම සම්පූර්ණ කෙරෙන අවසන් අදිරයි. මෙම ගිවිසුම යටතේ දෙරට අතර හමුදාමය තොරතුරු හුවමාරු කර ගනිමින් වර්ධනය වන චීනයේ හමුදා ශක්තියට සමානුපාතිකව ඉන්දීය හමුදා හැකියාවන් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. ගිවිසුවේ පළමු අදියර 02 යටතේ මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් පමණ වටිනා ආරක්ෂක ගනුදෙනු සිදුව ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට නියමිතය. නයන තරංග ගමගේ
 

More News..