brand logo

පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ

04 February 2021

    නිදහසින් පසු ලෝක බලවතුන් හමුවේ රට ණයගතියකු බවට පත්කර ජනතාව භේද බින්න කිරීම සම්බන්ධයෙන් එදා මෙදා තුර පාලන බලය හිමිවූ දේශපාලකයන් වගකිවයුතු බව කොළඹ අගරද ගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. අගරද ගුරුහිමි එම අදහස් පලකලේ 73වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙයට සහභාගී වෙමින් අද (04) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී ය. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, "රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇතිකළේ අපේම නායකයෝයි."
 

More News..