brand logo

පොදු සන්ධානයකින් තරඟ කලොත් විතරයි බලාපොරොත්තු වන ජයග‍්‍රාහණය ලබාගන්න පුළුවන්

26 January 2020

මහා මැතිවරණයේදීන් අපි ඉදිරිපත් වෙන්නේ පොදු සන්ධානයකින්. ලකුණ බුලත් කොලයද , පුටුවද , පොහොට්ටුවද කියන එක තාම තිරණය කරලා නැහැ. මම නම් කියන්නේ බකමූනගෙන් වුනත් කමක් නැහැ අපි පොදු සන්ධානයෙන් තරග කරන්න ඕනි. එහෙම කලොත් විතරයි අපි බලාපොරොත්තු වන ජයග‍්‍රාහණය ලබා ගත හැක්කේ යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ අදහස් පල කලේ ඌව පරණගම ඉදිගහදෝව ශ‍්‍රී සම්බුද්ධත් ජයන්ති විහාරස්ථානයේදී පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරි හමුවක් අමතමිනි. අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේද පැවසීය. කවුරුත් කල්පනා කරන්න ඕනි මේ ගෝඪාභය රාජපක්ෂ ජනාධිපති තුමා අයිති වෙන්නේ එක පුද්ගල කණ්ඩායමකට විතරක් නෙමෙයි. එතුමා මේ රටේ සමස්ථ ජනතාව නියෝජනය කරන නායකයෙක්. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයත් තම පූර්ණ ශක්තිය එතුමාගේ ජයග‍්‍රාහණය සදහා ලබා දුන්නා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිත් එතුමාගේ ජයග‍්‍රාහණයේ සක‍්‍රිය කොටස්කාරයෝ. මේක සමහර අය තේරුම් ගන්නේ නැහැ. සටන එතනින් අවසන් නැහැ. එතුමා දිනුවට එතුමාට අයවැය ලේඛනයක් සම්මත කර ගන්න පු`එවන් යෝජනාවක් සම්මත කරගන්න පු`එවන් ඒ වගේම ව්‍යවස්තා සංශෝදනයක් කරගන්න පු`එවන් බලයක් පාර්ලිමේන්තුවේ එතුමාට නැහැ. ඉතිං අපි මේ ගමක් ගමක් ගානේ යන්නේ එතුමාට ඒ බලය අරන් දෙන්න මිසක් මේ එක එක්කෙනා වගේ පටු දේශපාලන වාසි ගන්න නෙමෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනි. අපිය ඕනි ගෝඨභය රාජපක්ෂ ජනාධිපති තුමාට අපේ මහින්ද රාජපක්ෂ අගමැති තුමා ඉදිරි අවුරුදු පහකට අගමැති කරලා තුනෙන් දෙකේ බලයත් තියෙන පාර්ලිමේන්තුවක් හදන්න තමයි අපි මේ වෙහෙසෙන්නේ. කාගේවත් දෙයක් හොරකම් කරන්න නෙමෙයි. කාටවත් ඇතුලෙන් කපන්න නෙමෙයි. ඒ නිසා අපි සමගි වෙලා මේ සටන ජයග‍්‍රාහණය කරලා මේ දිස්ත‍්‍රික්කයේත් හය දෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනි. මම එක සැරයක් එහෙම ජයග‍්‍රාහණය කරලා දුන්නා මේ දිස්ත‍්‍රික්කය. සමහර අය හිතනවා මේක තනියම කරන්න පු`එවන් කියලා. අපිට ඒකටත් ඉඩ අරින්න පුඑවන්. නමුත් එතකොට මේ රටේ ජනතාවට තමයි දුක් වෙන්න වෙන්න වෙන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධීපති තුමන්ට ජනාධිපති වරණයේදුන් සහය වගේම සහයක් අපිට ඊ ලග මැතිවරණයේදිත් ඔබලා දෙන්න ඕනි. මොකද අපි ඊලග මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සන්ධානයකින්. එතකොට ලකුණ බුලත් කොළයද , පුටුවද එහෙමත් නැත්තම් පොහොට්ටුවද කියලා තාම තිරණය කරලා නැහැ. මම නම් කියන්නේ බක මූණගෙන් උනත් කමක් නැහැ පොදු සන්ධානයකින් අපි තරග කරන්න ඕනි. පොදු සන්ධානයෙන් තරග කරාම අපි ඔක්කොම එක ගොඩකට ඇවිල්ලා සියළු බලවේග එකතු කරලා අද සීසීකඩ වෙලා තියෙන එජාපය හොදටම පරාජය කරලා අපිට තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න පුළුවන්වෙයි. එහෙම නැතිව වෙන් වෙන් වශයෙන් අපි ඇතුලත ගහගන්න ගියොත් ඇතුලත එකිනෙකාට කපා ගන්න ගියොත් පටු දේශපාලන වාසි ගැන හිතලා කටයුතු කරන්න ගියොත් ඒ ජයග‍්‍රාහණය ලබා ගන්න වෙන්නේ නැහැ. යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.
 

More News..