brand logo

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවේ අසුන් ගන්නවා

15 March 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වුවද ඉදිරි මැතිවරණයකදී එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ අසුන් ගෙන ඇති අතර තවත් පිරිසක් ඉදිරියේදී අසුන් ගන්නා බවත් ඒ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වෙන් වු කොටස් 2 නැවත එක් වූවායැයි කියා එය තම පක්ෂයට අභියෝගයක් නොවන බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
 

More News..