brand logo

පොදු ජන පෙරමුණ මිලියන 21ක් ඉතුරු කරයි

08 February 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2018 වර්ෂයට අදාළ ලැබීම් හා ගෙවීම් ඇතුළත් ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 2018 වර්ෂයට අදාළ ගිණුම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබාදුන් පළමු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද ඒ මහතා සඳහන් කරන අතර පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් හා පක්ෂ සාමාජිකයන්ගේ මුදල් මගින් පසුගිය වසරේදී රුපියල් මිලියන 21ක් ඉතිරි කිරීමට හැකියාව ලැබුණු බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අදාළ ගිණුම් ප්‍රකාශනය සාමාජිකයන් අතට පත් කිරීමට කටයුතු කරගෙන යන බවත් සඳහන් කළේය.
 

More News..