brand logo

පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය දෙකට බෙදීමෙන් බලයට පැමිණෙන්නේ එජාපය - පී.හැරිසන්

10 March 2019

පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශවයන් අතර පරස්පර මත පවතින බැවින් මෛත්‍රී- මහින්ද එකමුතුවෙන් ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සිදු නොවන්නක් බව පී.හැරිසන් මහතා සඳහන් කරයි. ගමට සිරිකොත වැඩසටහනට අනුබද්ධව හොරණ, වත්තේගෙදර ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම අදහස් පළ කළේය. බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා පොදුජන පෙරමුණේ අයෙක් ලෙස සඳහන් කළද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂ දෙකම එකමුතු විය යුතුය යන මතය දරන බවත් ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම තරග කිරීමට සිදුවන බවත් පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදීමෙන් බලයට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් පී.හැරිසන් මහතා සඳහන් කළේය.
 

More News..