brand logo

පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවට ශ්‍රීලනිප කණ්ඩායම තරකරයි

17 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම තවත් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ වන විට සහභාගි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන අයයි. මෙම තිදෙනා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. මෙම සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ලබන සතියේදී සාකච්ඡා කිරීමටද මෙම කණ්ඩායම සූදානම් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන අතර එම සම්මේලනයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂටද ආරාධනා කිරීමට එම පක්ෂය තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..