brand logo

පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි

26 July 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අද සන්ධාන ගත වී ඇත. ඒ විජේරාමේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තබමිනි. එම ගිවිසුමට හේමකුමාර නානායක්කාර මහතාගේ මව්බිම ජනතා පක්ෂය, එස් . සභාතිරන් මහතාගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ, විනයාගාමුර්ති මුරලිදරන් මහතාගේ දමිළ එක්සත් නිදහස් පෙරමුණ , මොහොමඩ් අබ්දුල් මජිඩ් මහතාගේ ඊලව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කමල් නිශ්ශංක මහතාගේ ලිබරල් පක්ෂය, සරත් මනමේන්ද්‍ර මහතාගේ නව සිහල උරුමය පක්ෂය, අනුර ඩී. සොයිසා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, මුස්ලිම් උලමා පක්ෂය සහ භූමි පුත්‍ර පක්ෂ අත්සන් කර ඇත.
 

More News..