brand logo

පොහොට්ටුව අපේක්ෂකයෙක් නම් කර ඔහුට සහය ඉල්ලුවොත් නිදහස් පක්ෂය ගන්නේ වෙන තීන්දුවක්

17 July 2019

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලුවහොත් තම පක්‍ෂයට වෙනත් තීන්දුවක් ගැනීමට සිදුවන බව මහලේකම්වරයා සඳහන් කළ අතර ඔහු එසේ සඳහන් කර සිටියේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදිය.
 

More News..