brand logo

පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි

29 January 2021

පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ රාසික් නැමැත්තා විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වේ. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජනතාව මේ පිළිබඳව උන්වහන්සේව දැනුවත් කරන ලදි. වසර ගණනාවක් පැරණි වෘක්ෂයන්ගේ මුල පොත්ත සුද්ධ කිරීමෙන් විශාල ප්‍රමාණයේ ශාක ගණනාවක් මරා දැමීමට කටයුතු කර ඇති ආකාරයක් මෙහිදී නිරීක්ෂණය විය. එලෙස විනාශ කරන රක්ෂිත ප්‍රදේශ සඳහා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර නිකුත් කිරීමට පවා ක්‍රියා කර ඇති බව මෙහිදී හෙළිවිය. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල මුෂාරෆ් නැමැත්තා විසින් මෙලෙස බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කල බවත් එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඥානසාර හිමිට පැමිණිලි කළහ. බලධාරීන් සමග සාකච්ඡා කර සිදුවෙන විනාශය නැවත්වීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඥානසාර හිමියෝ පැවසුහ.
 

More News..