brand logo

පොඩි ලැසී CIDයට රැගෙන එයි

15 October 2020

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසී නමැති සැකකරු මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබේ. සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ඇතුළු නිලධාරීන් කණ්ඩාමක් විසින් පොඩි ලැසී නමැත්තාව අද (15) මෙලෙස කොළඹට රැගෙනවිත් ඇත. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දින 90ක් රදවා තබාගෙන වැඩිදුර විමර්ශනය කිරීම සදහායි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම අවසර ලබාදී තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් පොඩි ලැසී නමැත්තා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යටතට බාර දෙන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.
 

More News..