brand logo

පොඩි ලැසී යළිත් රිමාන්ඩ්

04 January 2022

පොඩි ලැසී යළිත් රිමාන්ඩ් ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී ට එරෙහි නඩුවක් අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූවා. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායකයෙකු බව කියන පොඩි ලැසීව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළා. මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ. ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
 

More News..