brand logo

පොඩි ලැසී ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ්

25 September 2020

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සැළකෙන ජනිත් මදුසංඛ හෙවත් පොඩි ලැසි යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝගය කළේය. ඔහු අද (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් ලබන ඔක්තෝබර් 09 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ. ජනිත් මදුසංඛ හෙවත් පොඩි ලැසී විසින් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා වේ. පසුගිය ජුනි 26 වනදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිය පහසුකම් වැඩි කරන්නැයි ඉල්ලා උපවාසයක නිරත වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් 5දෙනෙකු සහ බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා එහි ගොස් තිබුණි. එහිදී සංවිධානාත්මක අපරාධකරුවන් වන ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් “පොඩි ලැසී“ සහ “කොස්ගොඩ තාරක“ යන රැඳවියන් එම බන්ධනාගාර නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කර තිබුණි.
 

More News..