brand logo

‘පොඩි ලැසී‘ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

31 January 2021

    මේ වනවිට සිරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීටියාගොඩ, දෙල්වත්ත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ නිවසක වහලයක සඟවා තිබූ T56 ගිනිඅවියක් ද සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා කොළඹ මුලස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මීටියාගොඩ පොලීසියට භාරදී තිබේ.
 

More News..