brand logo

පේෂකර්ම රෙදි ගෙන්වීම තහනම් කෙරේ

08 April 2021

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. කොළඹ නගරය ඇතුළු අනෙකුත් නගරවල බතික් මෙන්ම පේෂකර්ම ප්‍රදර්ශනාගාර විශාල සංඛ්‍යාවක් ඇතිවෙමින් පවතින හෙයින් පිටරට සිට ගෙන්වන පේෂකර්ම රෙදි ගෙන්වීම තහනම් කර ඇත. ඒ අනුව ලංකාවට බතික් රෝල් පිටින් ගෙන්වීම තහනම් වන අතර නැවතත් ලංකාව තුළ නිෂ්පාදනය කරන අත්‍යන්ත පේෂකර්ම හා බතික් නිෂ්පාදන විශාල තැනකට ගෙන ඒමේ අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..