brand logo

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්තේදී අයෙකු කපා කොටා ඝාතනය කෙරේ

10 December 2018

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්ත ෆයිනස් කැලේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඝාතනය සිදු කළ වයස අවුරුදු 25ක් වන සැකකරුවන් දෙදෙනා පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර එම සැකකරුවන් දෙදෙනා මරණකරුගේ ඥාතීන් බවට පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..