brand logo

පේරාදෙණිය සරසවියේ 64කට කොරෝනා

27 January 2022

කොවිඩ් ආසාදනය වූ සිසු සිසුවියන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට

පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ එම සිසු සිසුවියන් මේ වන විට විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාල සම්පූර්ණයෙන්ම විවෘත කිරීම අපහසු බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රඳවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතු වල යොදවන බව නියෝජ්‍ය උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..