brand logo

පේරාදෙණිය රෝහලේ කොවිඩ් දේහයන් ගොඩ ගැහිලා

05 May 2021

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව තිබේ. එම දේහයන් ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙන ජනතාව හා කාර්යය මණ්ඩලය දැඩි අවධානමකින් කටයුතු කරන බවත් හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි. දේහයන් ආදාහනය කිරීමට මහයියාව අදාහනාගාරයෙන් කාලය ලබා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති හෙයින් මළ සිරුරු කිහිපයක්ම රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණන් තබා ගැනීමට සිදුව තිබේ. කෝවිඩ් ආසාදිතව මිය ගිය මෘත ශරිර විෂබීජ පිටතට නොයන සේ තැන්පත් කර ඇතත් එම මිය ගිය ඥාතින් මරණ පරික්ෂණ කටයුතු වලට රොක් විම නිසා කොරෝනා අවධානම මත කටයුතු කිරිමට මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලයට සිදුවි ඇති බව ඒ මහතා පවසයි. රෝහලේ මෘත ශරිරාගාඑයේ දේහයන් තැන්පත් කිරිමට ඉඩ ඇත්තේ සිමිත ගනනකට බවත් දේහයන් ගොඩ ගැසිම නිසා ඉදිරියේදි ගැටගුකාරි තත්වයක් උදාවනු ඇති බව ඒ මහතා වැඩිදුරටහ් සඳහන් කරය.
 

More News..