brand logo

පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 5කට කොවිඩ්

19 November 2020

පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි. එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පී සී ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද  විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බවත් පොලිස් අධිකාරීවරයා කියයි. පසුගියදා පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාධනය වි ඇති බව තහවුරු විමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කල රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂන පසුගිය (17) සිදු කරණු ලැබීය. එම පරීක්ෂණවලින් තවත් පොලිස් නිලධාරින් 4 දෙනෙකුට කෝවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.එම කෝවිඩ් ආසාදිතයින් 4 දෙනා පොලිස් නිලධාරිනියන් දෙනෙකුද පොලිස් නිලධාරින් දෙදෙනෙකුද වන බව පොලිස්අධිකාරිවරයා පැවසිය. කොරෝනා ආසාධිත නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති අතර අනිකුත් පී සී ආර් පරික්ෂන සිදුකල පොලිස් නිලධාරින් සියලුම දෙනා දින 14 ක් ස්ව්‍යං නිරෝධායනයට ලක් කිරිමටද පියවර ගෙන ඇති බව පොලිස් අධිකාරි වරයා පැවැසිය. පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා මහතා පවසා සිටියේ කෝවිඩ් ආසාදිත වු පලමු නිලධාරියා නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලිසියට පැමිණ ඇති බවත් උන ගතිය ඇති බව පැවසිමෙන් පසුව එම මොහොතේම රෝහල් ගත කිරිමට කටයුතු කල බවත් එම පොලිස් නිලධාරියා ගේ නිවසේ අයද හාල් මිලදි ගත් හාල් මෝලේ අය සහ තවත් භාන්ඩ මිලදි ගත් වෙළද සැලක අයද සව්‍යං නිරෝධායනයට ලක් කල බවද පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය. පොලිසියට පැමිනෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව පතා පොලිසිය විශබිජ හරණයකට ලක් කර බවත් පොලිසියට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව පතා සියලුම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසිය.
 

More News..