brand logo

පේරාදෙණිය උද්භිත උද්‍යානය අද සිට යලි විවෘතයි

15 June 2020

 පේරාදෙණිය  උද්භිද උද්‍යානය ජුනි 15 සිට මහජනතාවට විවෘත කෙරැන බව උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිලෝමි  කිෂ්ණරාජා මෙනවිය පැවසුවාය.
වර්ෂ 1820 ආරම්භ කරන ද පේරාදෙණිය  උද්භිද උද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව ලැබුණු බවත් 1970 පසු ප්‍රවේශ පත් මිලදී ගැනීමෙන් පසු නැරඹීමට අවස්ථාව උදා වූ බවත්  පසු ආරම්භයේ පටන් වසරේ දින 365 ම විවෘතව  පැවතුන පේරාදෙණිය උද්භිද උද්‍යානය ඉතිහාසය  ප්‍රථම වතාවට වසර 200 පසු    වසා දැමීමට සිදුවූයේ කොරෝනා වෛරස හේතුවෙන් බවත් උද්භිද උද්‍යාන අධ්‍යක්ෂවරිය   ප්‍රකාශ කලාය.
⁣2018 වසරේ  රුපියල් මිලියන 800 ආදායමක්  ජාතික  උද්භිද   උද්‍යාන පහේ ප්‍රවේශ පත් අලවියෙන්  ලබාගත් බවත් 2019 වසරේ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා උද්භිද උද්‍යානවල වාර්ෂික ආදායම  රුපියල් මිලියන  700 ක් වූ බවත් 2020 මාර්තු වන විට ලක්ෂ 50කට ආසන්න  ආදායමක් උද්භිද උද්‍යානය ප්‍රවේශපත්   අලවියෙන් ලබාගත් බවත්  බවත් පැවසුවාය.
පේරාදෙණිය  උද්භිද උද්‍යානයේ ආරක්ෂක පරිපාලක සමරවිර මහතා ප්‍රකාශ කළේ සියලු   සෞඛ්‍ය රක්ෂිත ක්‍රම භාවිත කරමින් ලියාපදිංචි කර නරඹන්නන් උද්‍යානයට ඇතුළු කරගන්නා බවයි. වසා දමා තිබුණු කාලය තුළ ද කොරෝනා වයිරස නොමැති බවට ලබාගත් සහතික මත මංගල ඡායාරූප පමණක් ගැනීමට අවස්ථාව අවසර දුන් අතර
විවෘත කිරීමෙන් පසු ජුනි 15 දා උදය වරැවේ එක් විදේශික යුවලක් හා  නරඹන්නන් 500 ආසන්න පිරිසක් පැමිනි බවයි.
 

More News..