brand logo

පෞද්ගලික බස් කර්මාන්තයට කොවිඩ් කෝටි 150ක් පාඩු කරලා

15 June 2020

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ඇඳිරි නීතිය පැනවූ දා සිට මේ වනතෙක් පෞද්ගලික බස් කර්මාන්තය ලැබූ පාඩුව රුපියල් කෝටි එකසිය පනහක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ අනුව පෞද්ගලික බස් කර්මාන්තය බිඳ වැටී තිබුණද රට ගැන සිතා ඉදිරි සති දෙක තුළද සිය සේවාවන් පෙර පරිදිම ලබාදෙන බව පැවසූ සභාපතිවරයා සාධාරණයක් නොලැබ තවදුරටත් මෙම කර්මාන්තයේ නියැලෙනු නොහැකි බවද සඳහන් කළේය. එම සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවේ පසුගියදා සාකච්ඡා මගින් ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු සඳහන් කළේය. සාමාන්‍ය ධාවනයේ යෙදෙන බස් සංඛ්‍යාව දාහත්දහසක් වුවත් මේ වනවිට ධාවනයේ යෙදෙන්නේ සමස්ථ පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට හැටක් පමණි. නමුත් මේ වනවිට සාමාන්‍ය පෞද්ගලික බස් සේවාවකට සමාන සේවාවක් ලබාදෙන හාරසිය අසූතුනක් වූ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවට පමණක් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක් අය කිරීමට ඉඩදීම සම්බන්ධව ඔහු විරුද්ධත්වය පළ කළේය. එම අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි නොකරන්නේ නම් එම බස් සේවාවේ ගාස්තුව සාමාන්‍ය බස් සේවාවේදීද අය කිරීමේ නෛතික අයිතියක් ඇති බවද ඔහු පවසයි. ශිරන්තනි මානවඩු
 

More News..