brand logo

පේරේ 2වැනි වසර ඉංජිනේරු සිසුන්ට සරසවිය තහනම්

17 September 2020

නවකවධය ලබාදීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර සිසුන්ට විශ්වවිද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කිරීමට පාලනාධිකාරිය ඊයේ (16 වැනිදා) තීරණය කර තිබේ. ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුන් නවකවධය ලබාදෙන බවට පළමු වසර සිසුන්ගේ දෙමව්පියන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් පීඨ උපදේශක සභාවේ නිර්දේශය මත මෙම තීරණය ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක කීය. ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යයන කටයුතු පමණක් මේ අනුව අත්හිටුවන බවත් එම පීඨයේ අනෙකුත් වසරවල මෙන්ම සෙසු පීඨවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුකරන බවත් ඒ මහතා පැවසුවේය. කමල් සුරවීර
 

More News..