brand logo

පෙම්වතුන් යුවළ නිරු­වත් ඡායා­රූප තරගෙට අන්ත­ර්ජා­ල­යට මුදා­හැ­රපු හැටි එළියට

16 January 2022

පෙම් සුව විඳි අවස්ථාවලදී සීමාමායිම් නොමැතිව හුවමාරු කරගත් ඡායා­රූප

ඉකුත් සතියේ අනුරාධපුරයෙන් අසන්නට ලැබුණේ ප්‍රේමයේ අමුතු පළිගැනීමක් ගැනය. ඔවුනොවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථානය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් යොවුන් පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පෙම් යුවළ අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පාසල් දෙකක උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවකු සහ සිසුවියක බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ. මෙම පාසල් සිසුවා සහ සිසුවිය අතර ආදර සබඳතාවක් ඇතිවී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. දෙදෙනා අතර ප්‍රේම දූතයා බවට පත්ව ඇත්තේ ඔවුනොවුන් සතු නවීන පන්නයේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයි. පොලිසිය පවසන පරිදි එම සිසුවාගේ ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් 1,25,000ක් පමණ වන අතර සිසුවියගේ දුරකථනයේ වටිනාකම රුපියල් හතළිස් දහසක් පමණ වේ. මෙම පෙම් යුවළ විවිධාකාර ඉරියව්වලින් එකිනෙකාගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප හුවමාරු කරගැනීමක් සිදු කර තිබෙනවා පසුව කිසියම් කරුණක් නිසා පෙම්වතුන් අතර විරසකයක් ඇතිවී ඇති බවටයි පොලිසිය සදහන් කරේ. මෙම හේතුවෙන් කේන්තිය, ආවේගය පාලනය කරගැනීමට නොදත් පෙම්වතිය සිය පෙම්වතාගේ නිරුවත් ඡායාරූපයක් මුහුණු පොතට මුදාහැර තිබෙනවා. ඇයගේ ඒ ක්‍රියාවෙන් කෝපයට පත් පෙම්වතාද තම දුරකථනයේ ගබඩා කරගෙන තිබූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක් මුහුණු පොතට මුදා හරින්නේ ඉන් අනතුරුවය. එතැනින් ඇරඹි ප්‍රේමයේ පලිගැනීම දුර දිග යන්නේ දෙදෙනා විසින් එතැන් සිට දිගින් දිගටම එකිනෙකාගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප මුහුණුපොතට එක්කර ඇති බවටයි වාර්තා වන්නේ. අවසානයේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට මුදාහැරීමේ වරද මුලින්ම කළ සිසුවියට සිදුවන්නේ නීතියේ පිහිට පැතීමටය. සිය පාසල් පෙම්වතා පිළිබඳ ඇය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවයි. එම පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ඔහුද තමාගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට මුදා හැරීම සම්බන්ධයෙන් තම හිටපු පෙම්වතියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව සිසුවියද පොලිස් අත්අඩංගුවට පත්විය. පෙම්වතුන් යුවළ විසින් එකිනෙකාට විරුද්ධව ඉදිරිපත් කළ පැමිණිලි නිසා ඔවුන් දෙදෙනාගේම ජංගම දුරකථනද පොලිස් භාරයට පත් විය. පොලිසිය විසින් කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ සිසුවිය විසින් විවිධ අවස්ථාවල විවිධාකාර ඉරියව්වලින් නිරුවතින් ලබාගත් සෙල්ෆි ඡායාරූප 157ක් පෙම්වතා සිය ජංගම දුරකථනයේ ගබඩා කරගෙන ඇති බවයි. එමෙන්ම පෙම්වතා විසින් වරින් වර පෙම්වතියගේ දුරකථනයට යැවූ ඔහුගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප 110ක් ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කරගෙන ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ ඡායාරූප සියල්ල ඔවුන් දෙදෙනා විසින් දුරකථනය ඔස්සේ පෙම් සුව විඳි අවස්ථාවලදී සීමාමායිම් නොමැතිව හුවමාරු කරගත් එකිනෙකාගේ නිරුවත් ඡායාරූපයි පොලිසිය විසින් සැකකාර පාසල් සිසුවා සහ සිසුවිය අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් ආකාශ් නදී කුරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැර තිබුණි. වැඩිදුර නඩු විභාගය සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. සිසුවා සහ සිසුවිගේ ජංගම දුරකථන අධිකරණය භාරයට ගෙන පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට යවා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතයයි
 

More News..