brand logo

පෙම්වතියගේ දෙමව්පියන්ගේන් කැමැත්ත ගන්න ගෑස් සිලින්ඩර සෙවූ තරුණයා

09 June 2022

ප්‍රේමය අයැදූ තරුණියට ඉතිහාසයේ වටිනාම ත්‍යාගය ලබාදුන් පෙම්වතා!

ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීමට සිතා තරුණියකගෙන් ඒ බව ඇසූ විට ලැබුනු අපූරු පිළිතුරක් ලබා දිම පිළිබඳව වාර්තා වෙනවා. මෙම සිදුවීම වී ඇත්තේ මාතර ප්‍රදේශයේන්. තරමක කටකාර එහෙත් රූමත් තරුණියක් කෙරෙහි හිත බැඳුනු තරුණයෙකු දින කිහිපයක් ඇය සමඟ මිතුරු වීමට උත්සාහ කොට ඇති අතර පසුගියදා බස් නැවතුම් පොළකදි ඇයව හමුවී තිබේ. ඇගේ මිතුරියන්ද එහි සිට ඇති අතර තරුණයාගේ යෝජනාවට ඇය එකවරම ලබා දී ඇත්තේ අපූරු පිළිතුරක්. "ගෙදරටම ඇවිල්ලා අහන්න අයියේ..පුලුවන් නම් එද්දි තාත්තට ත්‍රිවිල් එකට පෙට්‍රල් බෝතලයකුයි,අම්මට ගෑස් එකකුයි ගේන්න.එතකොට නම් එයාලා අනිවාර්යයෙන් කැමති වේවි " යනුවෙන් ඇය පවසා තිබේ. කෙසේ වෙතත් එම තරුණයා ටික දිනක් යන තුරුම ආසන්න නගර කිහිපයකම ගෑස් සිලින්ඩර තිබේද යන්න නිතරම සොයා බැලු බවයි ඔහුගේ මිතුරන් පවසා සිටින්නේ.
 

More News..