brand logo

පෙම්වතා සමඟ ලැඟුම්හලක සිටි පෙම්වතියට කොවිඩ්

28 January 2021

නාඋල ප්‍රදේශයේ පදිංචි තරුණියගෙන් දින කිහිපයකට පෙර සෞඛ්‍ය බලධාරීන් විසින් පී.සී.ආර්. සාම්පලයක් ලබා ගෙන තිබෙන අතර එම වාර්තාව 25වනදා රාත්‍රියේ ලැබී ඇත. එම පී.සී.ආර් වාර්තා අනුව ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇති අතර එම අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ අදාළ තරුණිය දුරකථන මාර්ගයෙන් දැනුවත් කර ඇත. එහිදී තරුණිය කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට, ඇය ඒ මොහොතේ සිටින ස්ථානය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් ඇයගෙන් තොරතුරු විමසා ඇත. කොවිඩ් -19 ආසාදිත ඇය එම මොහොතේදී කැකිරාව ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා සමඟ සිටින බව එහිදී අනාවරණය වී ඇත. පසුව එම තරුණිය අදාළ ලැගුම්හලේ සිට එම අවස්ථාවේදීම විශේෂ ගිලන්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඇය සමඟ සිටි පම්වතා ද ස්වයං නිරෝධනය සඳහා යොඋ කිරීමට කටයුතු කර ඇත.
 

More News..