brand logo

පෙම්වතා මගෙ ආරක්ෂකයා විය යුතුයි

01 May 2021

අද අපි කතා කරන්නෙ පාසල හැර ගිහින් වසර ගණනාවක් ගතවෙලා නැවත ඉස්කෝලෙ යන්න වරම් ලද කෙනෙක් ගැනයි. ඇය හිරුෂි පෙරේරා. මේ දවස්වල ඉස්කොලේ ටෙලි නාට්‍යය ප්‍රධාන චරිතයක් වන අනගි නම් පාසල් යුවතිය ලෙසින් රඟපාන හිරුෂි අපත් සමග එක්වන්නේ ඉස්කෝලෙ ගැනම කතා කරන්න විතරක්ම නම් නෙවෙයි. ඉස්කෝලෙ ටෙලිනාට්‍යයේ අනගි ගැන ඇයට දැනෙන්නේ මෙහෙමයි... මම හරි ආසාවෙන් හිටියෙ පාසල් දැරියකගේ චරිතයක් රඟපාන්න. ඉතින් ඉස්කෝලෙ ටෙලිනාට්‍යයේ පාසල් දැරියකගේ චරිතයට ඇරයුම් කළහම මට පුදුම සතුටක් දැනුණේ. මම ඉස්කොලෙන් අස්වෙලා අවුරුදු හයක් විතර වෙනව. මේ චරිතය ඉස්කෝලෙ යන ළමයෙකුට වුවමනාකරන සුදු ගවුම්, සපත්තු, රිබන් පාසල් නිල ඇඳුමට ඕන දේවල් මම අලුතින්ම ලැස්ති කරගත්තා. දර්ශන තලයට ගිහින් සුදු ගවුම ඇන්දම ආයෙත් ඉස්කෝලේ යන්න පටන් ගත්ත වගේ අමුතුම හැඟීමක් දැනුණා. ඉස්කෝලේ නිසා අනගිට ලැබෙන ප්‍රතිචාර නම් අඩුවක් නැහැ හොඳම ප්‍රතිචාර තමයි හමබවෙන්නෙ. අනගි කියන්නෙ අහිංසක ගැමි යුවතියක්. ඒ වගේම ඉවසීමෙන් දුක් දරාගෙන ඉන්න තරුණියක්නෙ. හැමෝම හොඳයි කියනව. මේ හිරුෂිගෙ පළමු රංගනය වීම ඇයට තවත් ආඩම්බරයක්. මම මීට පෙර රාවණ ටෙලි නාට්‍යයේ පුංචි චරිතයක් රඟපෑවා. එකට අවස්ථාව ලැබුණෙ ස්ක්‍රින් ටෙස්ට් එකකින් පසුවයි. ඊට පස්සෙ දෙවෙනි ඉනිමෙ වෙද මහත්තයගෙ දුව තමිරගේ චරිතය රඟපාන්න අවස්ථාව උදාවුණා. ඒකට මට උදව් කළේ නිමල් අයියා. ඊට පස්සෙ තමයි ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය ලැබුණේ. හිරුෂිත් අවුරුදු කුමරියක් කියල දන්නේ කීප දෙනයි රාවණ එකේ රඟපාද්දි මම අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වෙලා හිටියෙ නැහැ. නමුත් දෙවෙනි ඉනිමෙ තමීරගෙ චරිතය ලැබෙද්දි මම 2020 දෙරණ අවුරුදු කුමරි තරගයෙන් අවසන් දොළොස් දෙනා අතරට තේරිලා හිටියෙ. ඉස්කෝලෙහි අනගිගෙ චරිතය හා බැඳුණු ලොකු මතකයක් ඇයට තියෙනවා. මේ ටෙලිනාට්‍ය රූගත කරන්නෙ හෝමාගම, අතුරුගිරිය, ඉංගිරිය, මීගොඩ යන පළාත්වල ගස් කොළන් කුඹුරු යායවල්, ඇළ දොළ තියෙන සුන්දර පරිසරවල. මම කුඩැල්ලන්ට නම් හරිම බයයි. එක දවසක් කූඩැල්ලෙක් මගේ කකුලෙ එල්ලිලා ඒක මට ඉතින් පුදුම ත්‍රාසජනක අත්දැකීමක් වගෙයි. එදා ඉඳන් මම ෂූටිං යන්නෙම ඇක්ස් ඔයිල් අයිඩෙක්ස් කකුල්වල තවරගෙන. ඒත් ඊට පස්සෙ තවම නම් එහෙ කූඩැල්ලො දැක්කෙ නැහැ. තව දවසක සිදුවීමක් තිබ්බා මම රෙදි ටික දොළෙන් හෝදගෙන අරන් එද්දි නංගි මාව තල්ලු කරන්න ඕන. එතකොට මගේ අතේ තියෙන රෙදි ටික බිම වැටෙන්න තිබුණෙ. මමත් රෙදි ටික අරන් ඉදිරියට එනව නංගි එක පාරටම මාව ඇත්තටම තල්ලු කළා. රෙදි ටිකත් බිමටම වැටුණා අයේ වට්ටන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ දර්ශනය හරියටම එකපාරින්ම ආවා කියල කට්ටිය කිව්වා. හැබැයි එයාල කවුරුත් දන්නෙ නැහැ. ඒ වෙලාවෙ මං ඇත්තටම වැටුණෙ කියල. වෘත්තීය නිළියක් වෙන්න නම් හිරුෂිගේ බලාපොරොත්තුවක් නැහැ. රඟපෑම වෘත්තියක් විදිහට කරගන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඉඩ ලැබෙන විදිහට ලැබෙන චරිත භාරගන්නව. මේ වෙනකොට නම් අලුත් චරිත භාර අරන් නැහැ. මොකද ඉස්කෝලෙ ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්පූර්ණ කාලයම වෙන් කරල තියෙන නිසා. මීට පෙර මම සංචාරක ක්ෂෙත්‍රයේ එකවුන්ටන් කෙනෙක් විදිහට රැකියාවක නිරත වෙලා හිටිය. පහුගිය කොවිඩ් තත්ත්වය නිසා ඒ රැකියාව නතර වෙලා තියෙන්නෙ. ආදරය ගැන ඇගේ හිතේ තියෙන්නේ මෙවන් හැඟීමක්. ඉදිරියෙදි මම ආදරය ගැන කතා කරන්නම්. මම ආදරය කරන කෙනා කවුරු වුණත් උදව් කරන කෙනෙක් වෙන්න ඕන. කලා ක්ෂෙත්‍රයේ වැඩ කරද්දි බොහෝ පිරිසක් එක්ක මුහුවෙලා වැඩ කරන්න වෙනව. ඒ දේවල් ගැන අවබෝධයක් තියෙන මාත් එක්ක එකටම ඉන්න මාව ආරක්ෂා කරන කෙනෙක් වෙන්නත් ඔන. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..