brand logo

පෙම්වතාවට කතා කරන්න දුරකතනය දීලා එය දෙන හැම අවස්ථාවකම දැරිය කෙලසලා

05 November 2021

කලක් තිස්සේ 84 හැවිරිදි සීයා 15 හැවිරිදි දැරියව අඹුකමට අරන් මාට්ටු

අසූහතර හැවිරිදි සීයාගෙන් හා 18 හැවිරිදි පෙම්වතාගෙන් අතවරයට පත්වූ 15 හැවිරිදි දැරියක් පිළිබඳව අපට වාර්තා වනවා. මේ පිළිබඳව අරුණ වෙබ් අඩවිය කළ විමසීමකදී නාවලපිටිය පොලිසිය සඳහන් කලේ දැරිය මුලික පරීක්ෂනයකට ලක් කිරීම සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කල මේ වන විට පරික්ෂණ අවසන් බවයි. මේ වන විටත් මොවුන් දෙදෙනාගෙන් අයකු වන 18 හැවිරිදි පෙම්වතා නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 11 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර නියෝග කර ඇත්තේ මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයට 84 හැවිරිදි සීයා උදව් කර ඇති අතර දැරියට සිය පෙම්වතාට කතා කිරීමට අවශ්‍ය වෙලාවට සීයාගේ නිවසට ගොස් සීයාගේ ජංගම දුරකථනය රැගෙන ඔහුට කතාකර තිබෙනවා. නමුත් මෙම සීයා ජංගම දුරකථනය ඇයට දෙන සෑම අවස්ථාවකම එයට හිලව් වන සේ දැරියට එම නිවස තුළදී අතවර කිරීම පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මෙම 15 හැවිරිදි දැරියගේ පියා නොමැති අතර මව භාරයේ සිටියදී මෙම අතවරය සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.
 

More News..