brand logo

පෙබරවාරි 03 වැනි දා කොළඹ පාසල් 15ක් වැසෙයි

31 January 2020

72 වන ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. රථවාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් නිදහස් චතුරස්‍රය අවට පිහිටා තිබෙන පාසල් 15ක් සදහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එලෙස වසා දැමෙන පාසල් පහතින් වේ... ඩී එස් සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ‍යශෝධරා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය , ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල, වයිචර්ලි ජාත්‍යන්තර පාසල. මේ අතර ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පුහුණු කටයුතු සදහා සහභාගි වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය (කණිෂ්ඨ විද්‍යාලය ද ඇතුළුව) ජනවාරි 30 ප.ව. 2.00 සිට පෙබරවාරි 4 සවස 5 දක්වා ද, කොළඹ 12 - මිහිදු මහා විද්‍යාලය, කොළඹ 10-අල් හිදායා විද්‍යාලය සහ කොළඹ10-අශෝක විද්‍යාලය වෙත 2020 පෙබරවාරි 03 පෙරවරු 9.00 සිට පෙබරවාරි 04 වැනි දා රාත්‍රිය වන තෙක් ද නිවාඩු ලබා දීමට කටයුතු යොදා ඇත.
 

More News..