brand logo

පෙබරවාරි අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත ගෙන්වනවා

13 January 2021

    ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථාන වල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇත. මේ අනුව වෙළඳපොළවල්, මසුන් අලෙවි කරන මධ්‍යස්ථාන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මෙම පරීක්ෂණ සිදුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව කොළඹින් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන 11කදී කොරෝනා පරීක්ෂණ යළි ආරම්භ කළ බව පැවසේ. එසේම පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
 

More News..