brand logo

පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු ලබන 23 තෙක් රිමාන්ඩ්

09 October 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09) නියම කළාය. ඇප නියෝගය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කරන ලදී. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයේ නියෝගය පරිදි මෙම සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය. (අධිකරණ වාර්තාකරු)
 

More News..