brand logo

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

08 April 2021

සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ව උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් කොටුව පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතර තුර දී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ. අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළව පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..