brand logo

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාව ?

23 May 2019

බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද (23) දිනයේ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වේ. බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවයි. බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවයි. අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට 2018 අගෝස්තු මස 08 වන දින බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් හිමිවුණි.
 

More News..