brand logo

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දෙවන දිනට අදත් උපවාසයේ

01 June 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අද (01) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි. අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීමක් 4ක් මුල්කර ගනිමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළේය. ඊයේ (31) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට වැඩමකළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව උපවාසය ආරම්භකරනු ලැබුවේය. මේ සම්බන්ධයෙන් රතන හිමියන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැනුම් දී ඇති අතර එහි පිටපත් අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ට ද යොමු කර තිබේ.
 

More News..