brand logo

පු.ලි.දෙපාර්තමේන්තුව නැවත දැනුම්දෙන තුරු වසා දැමේ

02 May 2021

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ගමේන්තුවේ මහජන සේවාවන් යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. පවත්නා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව ජනතාව එක්රැස්වීම වැළැක්වීම සඳහා එම පියවර ගත්බව කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කරයි. මේ අනුව පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සෙසු පළාත් කාර්යාල යළි දැනුම්දෙන තුරු වසා දමා ඇත. කෙසේ නමුත් ජාතික හැඳුනුම්පත් ලබාගැනිම සඳහා දින වෙන්තර ගත් අයදුම්කරුවන් සඳහා ජාතික හැදුනුම්පත් සකස් කර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ. වැඩිදුර විමසීම් සඳහා - ප්‍රධාන කාර්යාලය දුරකථන අංක - 0115 226 126 / 0115 226 100 දකුණු පළාත් කාර්යාලය - දුරකථන අංකය - 0912 228348 වයඹ පළාත් කාර්යාලය දුරකථන අංකය - 0372 224 337 නැගෙනහිර පළාත් කාර්යාලය - දුරකථන අංකය - 0652 229 449 උතුරු පළාත් කාර්යාලය - දුරකථන අංකය - 0242 227 201
 

More News..