brand logo

පුහුණු තරගයේ වැඩි ගෞරව එංගලන්තයට

09 March 2020

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන කණ්ඩායම අතර පැවති තුන්දින පුහුණු තරගය අද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 316 ක් රැස් කළා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලක-ණු 245 යි. නායක අශාන් ප්‍රියන්ජන් ලකුණු 77 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිට සිට සිය දෙවන ඉනිම ඇරඹු එංගලන්තය තරගය නවතා දමන විට කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටියා. තරගය පැවැත්වුණේ කටුනායක ක්‍රීඩාංගනයේදියි. එංගලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රීකට් තරගය ලබන 19 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
 

More News..