brand logo

පුස්සැල්ලාව පොලිස් OICට කොරෝනා

07 May 2021

ගම්පොළ, පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වැලඳී තිබේ. ඔහු ප්‍රතිකාර සඳහා පොලිස් රෝහලට ඇතුළත් කර ඇත. ඊ​​යේ (6 දින) ස්ථානාධිපතිවරයාට කොරෝනා වැළදීමත් සමග පොලිසියේ අනෙක් නිලධාරීන් ඇතුළු 60 දෙනකු පොලිසිය තුළම නිරෝධායනයට ලක්කර තිබේ. ස්ථානාධිපතිවරයා සමග සිටි රියැදුරා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු නිවෙස්වලට යවා නිරෝධායනයට ලක්කළ බව ද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. අනෙකුත් සියලුදෙනා හට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බව ද ඔහු පැවැසීය. සුරංග දිල්හාන් - ගම්පොළ
 

More News..