brand logo

පුවත් පත් මණ්ඩලේ සභාපති බේගල් මවා රට අවුලයි

09 November 2020

පුවත් පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ අද(09) තමන්ගේ මූනුපොතේ පල කර ඇති අසත්‍ය පොස්ටුවක් මේ වනවිට සමාජයේ දැඩි කතා බහට ලක් වී ඇත. දිනපතා අරුණ පුවත්වත අද ප්‍රධාන පුවත ලෙස පල කර ඇති ‘‘ගත වූ මාස 6 ට කන කර තියා බිලියන 643ක් ණය අරන්‘‘ කියන පුවතේ සත්‍යාසත්‍යතාව, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගෙන් විමසමින් මෙම පෝස්ටුව පල කර තිබුණි. මෙහිදී අරුණ ප්‍රධාන පුවත පිළිබඳ විවිරණයක යෙදී ඇති මහින්ද පතිරණ රු. බිලියන 643 රුපියල් කෝටි 64300 ක් ලෙස හුවා දක්වමින් තමන්ද හත්පෝලේ ගාගනිමින් රටේ ජනතාවද බරපතල මුලාවක හෙලීමට උත්සහා දරා ඇත. මහින්ද පතිරණගේ ගේ විශිෂ්ඨ අංක ගණිතමය ඥානයෙන් බිලියන කෝටිවලට පරිවරථනය කරමින් එය රටේ ජනගහනය හා සසඳා බරපතල සාවද්‍ය මතයක් ජනගත කිරීමට දැරු උත්සාහය මේ වන විට නිර්ධය ලෙස ප්‍රතික්ශේප වී ඇත. ඔහුගේ පෝස්ටුවට පහළින් වැටී ඇති කොමෙන්ටු ඊට කදිම සාක්ෂි සපයයි. ජනතාවට වගකියන පුවත් පතක් විදිහට අරුණ නිරන්තරයෙන්ම සත්‍ය පුවත් රට හමුවේ තබන අතර අප මාධ්‍යභාවිතාවේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් අපි වගකීමෙන් බැදී සිටිමු. පුවත් පත් මණ්ඩලය වැනි භාරදූර වගකීමක් ඇති රාජ්‍ය ආයතනයක සභාපතිවරයා ලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කරමින් බොරු බේගල් මවා පෑමට උත්සහා දරන මහින්ද පතිරණ මහතාණනි, වළං කඩේට පැන්න වෘෂභයකු මෙන් හැසිරීමේ ඔබට සුපුරුදු පිළිවෙත ක්‍රියාවට නැගීමට පෙර වට පිට බලන ලෙස කාරුණිකව මතක් කර දීමට කැමැතෙමු. මන්ද අපි අහසේ පාවෙන පැරචුට් කරුවන් නොව දෙරණේ පය ගසා සිටින්නෝ වෙමු.  

සබැදි පුවත  https://bit.ly/32rvCpb

 

More News..