brand logo

පුරාවිද්‍යා ස්මාරක භූමියක නිධන් හෑරූ පිරිසක් මාට්ටු

10 January 2021

    පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයක නිධන් හෑරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ආරුගම්බේ විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස නිධන් හෑරීම කර තිබුනේ ලාහුගල වනෝද්‍යානය තුළ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයකයි. සැකකරුවන් ගෙන් 06 දෙනෙක් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙදෙනෙක් අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවන් බව පැවසෙනවා. අදාල සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. සැකකරුවන් පිරිස පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරී 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 

More News..