brand logo

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවේ

20 December 2020

  නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගලේවෙල, බුලනවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව සහ පොලිසිය එක්ව කරනලද වැටලීමකට අනුව අදාල පුපුරණ ද්‍රව්‍ය තොගය සහ එය ප්‍රවාහයන කළ මෝටර් රථය සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස සොයාගෙන ඇත්තේ වාණිජ පුපුරණ ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන වෝටර් ජෙල් කූරු 175ක්. අදාල පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගැනීමට ප්‍රවාහනය කරන ලද ඒවා බවට නාවික හමුදාව සැක පළකරනවා. 34 හැවිරිදි සැකකරු ගලේවෙල ප්‍රදේශයේ අයෙක් වන අතර වැඩිදුර විමර්ශන දඹුල්ල මූලස්ථාන පොලීසිය සිදුකරනු ලැබේ.
 

More News..