brand logo

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක්, වෑන් රථයක් සොයා පොලිසියෙන් මෙහෙයුම් - Breaking News

23 April 2019

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළ අතර යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. DAE - 4197 මහේන්ද්‍රා තනි කැබ්රථයක් (රිදී පාට) sg PH - 3779 නිෂාන් වෑන් රථයක් (කළු පාට) nw VP - 7783 බජාජ් යතුරු පැදියක් - එංජින් ධාරිතාවය 150 (කළු පාට) VC - 4843 යමහා යතුරු පැදියක් US - 3740 හොන්ඩා ස්කූටරයක් (කළු පාට) BDM - 0596 හොන්ඩා ස්කූටරයක් (කළු පාට) 144 - 2646 හොන්ඩා යතුරු පැදියක් (රතු පාට) wp BCY - 2183 ටීවීඑස් යතුරුපැදියක්
 

More News..