brand logo

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ක්ලේමෝ බෝම්බ අටක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

29 September 2019

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් ප්‍රදේශයේ වගා ඉඩමක තිබි එකක් කිලෝග්රැම් 20 ක පමණ බරින් යුතු ක්ලේමෝ බෝම්බ අටක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(29) ගොඩගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ වගා ඉඩමක බිම සකස් කරන අවස්ථාවේ අදාළ ඉඩම් හිමියා ඊයේ (28) පුපුරණ ද්‍රව්‍ය දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති අතර, එහිදි පොලිසිය විසින් පුපුරණ ද්‍රව්‍ය ‍සොයාගෙන ඇති බවයි. අදාළ ස්ථානයේ තිබි සෙන්ටිමීටර 30 ක් දිගැති හා සෙන්ටිමීටර 15 ක් පමණ පළලැති කිලෝග්රැම් 20 ක් පමණ බරැති ක්ලේමෝ බෝම්බ අටක්,‍බෝම්බ පිපිරීමට යොදාගන්නා ඩෙටනේටර් 50 ක් හා බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් රෝලක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ක්ලේමෝ බෝම්බ ගොඩගෙන අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම සිදුකළ බවයි. සොයාගත් ක්ලේමෝ බෝම්බ අවසන් යුධ සමයේ එල් ටි ටි සංවිධානය විසින් නැවත ප්‍රයෝජනයට ගැනීම උදෙසා සඟවා ගිය බෝම්බ තොගයක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරති. පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.ජි.එම්.ඒ.අමරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ, ‍පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බංඩාර මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..