brand logo

පුද්ගල මළසිරුරක් බදුල්ලේ හෝටල් කාමරයකින් හමුවෙයි

15 December 2018

බදුල්ලේ හෝටලයක කාමරයක් තුල තිබී පුද්ගල මළසිරුරක් පොලිසියට ලද තොරතුරකට අනුව අද සොයාගෙන ඇත. මියගිය පුද්ගලයා බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වන අතර ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සනාථ කෙරෙන සායනික සටහන් පොත් කීපයක් ද පොලිසිය හෝටල් කාමරය තුළ තිබී සොයාගෙන ඇත. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
 

More News..