brand logo

පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5කට කොවිඩ්

11 January 2021

මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත. අදාල රෝහලේ සේවයට පැමිණී වෛද්‍යවරයෙකුට, රෝහල් සේවිකාවකට, රෝගීන් දෙදෙනෙකුට හා රෝගීයෙකු ළග සාත්තුවට නැවතී සිටි කාන්තාවකට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා තැබීමට මාතර නගරාධිපතිවරයා නියම කර ඇති බව වාර්තා වේ. අදාල රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර එම වාර්තා ලැබෙන තෙක් සහ රෝහල සම්පූර්ණයෙන් විෂබීජහරණය කර අවසන් වන තෙක් රෝගීන් ඇතුලත්කර ගැනීම, හා බාහිර රෝගී අංශය ආදී සියලු කටයුතු තාවකාලිකව නතර කිරීමට උපදෙස් දුන් බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. ඊට අවනත නොවී එම රෝහල් පරිපාලන කටයුතු කලහොත් අද (12) අධිකරණ නියෝගයක් ගන්නා බවත් අදාල රෝහල මූලික තොරතුරු වසන් කර ඇති බවත් කී නගරාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නීරෝධායන නීති රීති යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කලේය.
 

More News..