brand logo

පුද්ගලික බැංකු කළමණාකරුවෙකුටත් කොරෝනා

05 November 2020

කල්පිටිය නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක කළමණාකරුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ අදාල කළමණාකාරවරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. මොහු පසුගිය ඔක්තෝබර් මස 28 වන දින සිට 30 වන දක්වා කල්පිටියේ ශාඛාවට රාජකාරි සදහා පැමිණ තිබේ. අසනීප තත්ත්වයෙන් නිවසේ සිටියදී ඔහු විසින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර පී.සී.ආර්. පරීක්ෂනයක් සිදුකර තිබේ. එහදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙසට තහවුරු වී ඇත. මොහු සමග බැංකු ශාඛාවේ සේවය කළ පිරිස සහ ඔහු ඇසුරු කළ අනෙකුත් පිරිස් සොයා ගැනීමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ආරම්භ කර තිබේ.
 

More News..