brand logo

පුද්ගලයෙක් ගසක් උඩ විරෝධතාවක - බැකෝ යන්ත්‍රයටයි පාලිතටයි බෑ කියයි

04 February 2020

සිංහල,දෙමළ හා මුස්ලිම් යන සියලු ජන කොටස්වලට මෙරටදී එක් නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් ඇතැමුන් විසින් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ කර දැමීමට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් පවසමින් පුද්ගලයකු බේරුවල වෙරළට ආසන්න කොට්ටම්බා ගසකට නැග අද (04 )විරෝධතාවක් පැවැත්විය.‍‍ බේරුවල,කාලවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු තනිකඩ කුලී කම්කරුවෙකි. අද (04) උදෑසන 9.00 ට පමණ ගසට නැග ඇති මොහු විරෝධතා පාඨ ඇතුළත් බැනරයක්ද ප්‍රදර්ශනය කරමින් අඩි තිහක් පමණ උසක රැඳී සිටියේය. නිදහස් දින පැළ සිටුවීමේ කටයුතු වෙනුවෙන් රැගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍රයක් මගින් විරෝධතාකරු බිමට බස්සවා ගැනීමට පොලිසිය හා නගර සභාපතිවරයා ද මහත් පරිශ්‍රමයක් දැරුවද ඔහු බිමට බැසීම ප්‍රතික්ෂේප කළේය.පසුව එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ද විරෝධතාකරු බිමට බස්සවා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. ඕනෑම පුද්ගලයකුට විරෝධතාවක් පැවැත්වීමට හා ගසකට නැගීමට නිදහස ඇති නමුත් ඔහුගේ විරෝධතාව නිසා ජාතිවාදී හැඟීම් උද්දීපනය වී ජනයා අතර නොසන්සුන්තාවක් ඇතිවීමටත් සාමාන්‍ය ජනතාවගේ නිදහසට බාධාවක් වීමටත් ඉඩකඩ ඇති බැවින් විරෝධතාකරු බරපතල වරදක් සිදුකරන බව බේරුවල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් කුමාර පැවසීය.   බේරුවල-ප්‍රසාද් ධර්මප්‍රිය පයාගල-බැසිල් කලපුගේ
 

More News..