brand logo

පුද්ගලයෙක්ට දෙවතාවක් කොවිඩ් ආසාදනය වෙනවා අඩුයි

21 November 2020

එකම පුද්ගලයෙකුට දෙවතාවක් කොවිඩ් ආසාදනය වීම විරල බවට නව මතයක් ද ඉදිරිපත් වී තිබේ. කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු වෛරසය ආසාදනය වීමේ හැකියාව ඉතා විරල බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. කොවිඩ් මර්දන සටනේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් පිරිසක් යොදාගෙන අධ්‍යයනය සිදුකර තිබූ අතර මේ අනුව කෙටි කාලීනව හෝ එකම පුද්ගලයෙකුට දෙවතාවක් කොවිඩ් ආසාදනය නොවීම සුබදායි පුවතක් වනු ඇති බව පර්යේෂකයින් පවසයි. කොවිඩ් වෛරසයට එරෙහි අමෙරිකාවේ ෆයිසර් සමාගම විසින් නිපදවන ලද එන්නත එරට ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරියේ අනුමැතිය සඳහා යොමුකර තිබෙන අතර එන්නත භාවිතයට ගන්නේද ප්‍රතික්ෂේප කරන්නේද යන්න අවසන් තීන්දුව ගැනීම එම අධිකාරියට පැවරෙනු ඇත.
 

More News..