brand logo

47,000කට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි

01 October 2020

ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 7052දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සදහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන 78ක එම පුද්ගලයින් පිරිස නිරෝධායනය වෙමින් සිටින බවයි. මේ අතර නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 19දෙනෙකු අද දින නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 47,102දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ.
 

More News..