brand logo

පුද්ගලයින් 1856ක් නිරෝධායන මධ්‍යස්ථානවල

08 August 2020

ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට පුද්ගලයින් 1856 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් 68 දෙනෙකු අද (08) දින නිරෝධායන කටයුතු අවසන් කර පිටව යාමට නියමිතය. එම පිරිස ද සමග මේ වන විට පුද්ගලයින් 29,709 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව යුද හමුදාව සඳහන් කළේය. ඊයේ දිනය තුළ දී ද පී.සී.ආර් පරීක්ෂණ 910 ක් සිදුකර ඇති අතර මේ වන විට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී. ආර් පරීක්ෂණ සංඛ්‍යාව 167,672කි.
 

More News..